අන්තර්ජාලයෙම් මුදල් උපයන්න විවිධ ක්‍රම තියෙනවා. අපගේ ඊ - මේල් ලිපිනයට නොකඩවා ලැබෙන ඉල්ලීමක් තමයි ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා.
ඔන්න මේ අද අපි කියන්නේ ඒකට ලංකාවේ අපිට කරන්න පුළුවන් අලුත්ම දෙයයි. මෙය පටන් ගත්තේ ඊයේ දිනයේ (2014.07.25). ලංකාවේ ප්‍රසිද්ධ Mobile App නිර්මාණය කිරීමේ සමාගමක් වන භාෂා ලංකා සමාගම තමයි මේ වැඩේ කරන්නෙ.
වෙබ් අඩවියේ ඇඩ්‍රස් එක : www.adlink.lk
මොකද්ද මේ වෙබ් අඩවියෙන් කරන්නේ :
කෙටියෙන් කියනවා නම් ඔයාගේ දැන් වීමක් තියෙනම් අඩුම මුදලට දැන්වීමක් පල කරන්න පුලුවන්. ඒ වගේම දැන්වීම් ප්‍රචාරය කිරීම මගින් ඔබට මුදල් උපයන්න පුලුවන්.
ඔයාලා දන්නවා ඇති Google Adsense ගැන .ඇඩ්සෙන්ස් පිටරට වැඩක් වගේම ලොකු Risk එකක් තියෙයි. ඒ වගේම සිංහල වෙබ් අඩවි | බ්ලොග් අඩවි වලට Approval ගන්න ලොකු කට්ටක් කන්න එපැයි. අනික හොයන සල්ලි අතට ලැබෙනකන් විශ්වාසෙකුත් නෑ නේ.
ඒ සියළු ගැටළු වලට එකම විකල්පය AdLink වෙබ් අඩවිය ලෙස අලුත්.com අපි ප්‍රකාශ කරනවා.ඔයාලා මුදල් හොයනවා නම් මේකේ Register වෙන ආකාර දෙකක් තියෙයි.
- Blog / web publisher කෙනෙක් විදියට.
- Mobile App developer කෙනෙක් විදියට.
උදාහරණ දැන්වීම් කිහිපයක්.
අපි AdSense දාගත්තත් ගොඩක් වෙලාවට ඒකෙන් පේන්නෙ පිටරට ads. ඒ නිසා අපේ වෙබ් අඩවි බලන අය ඒවා ක්ලික් කරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් AdLink දාගත්තම පේන්නෙ ඔක්කොම ලංකාවෙ ads බලන්න ඔයාලටම පේනවා ඇති ඉහල දැන්වීම් වල. සිංහලෙන් ads දාන්න පුළුවන් නිසා ගොඩක් වෙලාවට ඒ ad පේන්නෙත් සිංහලෙන්. ඒ නිසා AdLink ads කට්ටිය ක්ලික් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.
මෙහි දැන්වීම් වෙන්වන size එක සම්මත ගණන් නිසා වෙබ් අඩවි කරුවන්ට හරිම ලේසියි.

ඒ වගේම තමයි key-word වලට සිංහල support ඒ නිසා තමන් ගේ වෙබ් අඩවියේ ඇති වචන් මේ ඇඩ් හොදින් හදුනාගෙන වඩාත් යොග්‍යය දැන්වීම ප්‍රචාරය කරණවා. ඉතින් ලැබෙන click ගාන වැඩිවෙන්න නිසැක හේතුවක් වෙනවා.
ඔන්න එහෙනම් අන්තර්ජාලයෙන් මුදල් හොයන අයට මේක ලොකු රුකුලක් වෙයි. අලුතින් ආරම්බකල මෙම සේවාව අකණ්ඩව පවත්වාගෙන යනු ඇතැයි අපගේ විශ්වාසයයි. වෙබ් , බ්ලොග් කරන අය මේ සේවාව අත්විදින්න , ඔය PTC ඇඩ් ක්ලික් වගේ බොරු වැඩ නොකර මේක කරලා බලන්න. අනිවාර්යෙන් අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබා ගන්න පුලුවන්.

0 comments:
Post a Comment